01 June 2011

BigTimeBux සල්ලි ගෙව්වෝ

ආයුබෝවන් යාළුවනේ........

   ඔන්න යාළුවනේ අදත් කියන්න වෙන්නෙ සල්ලි ගෙව්ව සයිට් එකක් ගැන.....මේ තමයි BigTimeBux එක. මේ සයිට් එක ගැන ලිපියක් මම කලින් ලියල ඇති. ඒක බලපු නැති කස්ටිය මෙතනින් ගිහින් ඒක බලන්න. මේ BigTimeBux එකෙන් අද මම Cash Out කළා. ඒ වෙලාවෙම මගේ ඇලට්පේ එකටත් සල්ලි දුන්න. පහළ තියෙන්නෙ ඒ බව ඔප්පු කරන සාක්ෂිය තමයි.


ඉතින් ඔයාලත් පහළ බැනර් එකෙන් ගිහිල්ල මේ සයිට් එකේ ලියාපදිංචි වෙලා සල්ලි අරගන්න.



26 May 2011

පුංචි පුංචි වැඩ කරල ගත්ත $10

ආයුබෝවන් යාළුවනේ..........

   මම මීට කලින් ලිව්ව ලිපිය අපේ යාළුල බලන්න ඇති කියල හිතනවා. ඒක බලපු නැති යාළුලට මෙතනින් ගිහින් ඒ ලිපිය බලන්න පුළුවන්. දැන් ඔයාල ඉතින් කලින් ලිපිය බලපු නිසා ඒ ගැන විස්තර කියන්න ඕන නෑනෙ. මම අද ආවෙ microworkers එකෙන් මට $10 ක් ගෙව්වය කියල, කියල යන්න. මගේ Account එකේ $10 ක් උන ගමන් එයාල මට ගෙදරටම Pin Number එක එව්ව (මේක එන්න සතියක් විතර ගියා). මම ඒ Pin Number එක Enter කරල Cash Out කළා. ඊට හරියටම දවස් 3 කට පස්සෙ මගේ Alertpay Account එකට සල්ලි වැටිල තිබුණා. ඔය පහළ තියෙන්නෙ ඒ Payment proof  තමයි.


ඉතින් ඔයාලත් මේ සයිට් එකේ වැඩ කෙරුවොත් ටික කාලෙකින්ම $10 ක් ගන්න පුළුවන් වෙයි. උත්සාහ කරල බලන්න.

එහෙනම්, ගිහින් එන්නම්.............

25 May 2011

පුංචි පුංචි වැඩ කරල ටික කාලෙකින්ම $10 ක් ගන්න කැමතිද ?

ආයුබෝවන් යාළුවනේ.........


   වැඩි කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු නේද ?...  ඔයාල කවුරුත් දන්නවනෙ ODESK සයිට් එක ගැන. දන්නෙ නැත්නම් මෙතනින් සම්පූර්ණ විස්තරයක්ම බලන්න පුළුවන්. මේ ODESK එකේදි අපිට විභාගයක් ලියන්න තියෙනවා ඒක පාස් උනොත් අපිට පුළුවන් එක එක වැඩ කරල සල්ලි ගන්න. ඒත් ඒක ටිකක් අමාරු වැඩක් බව තේරෙවි ODESK ගැන ඉහළින් තිබුණ සම්පූර්ණ විස්තරේම කියෙව්වනම්. ඒක නිසා අද මම කියන්න යන්නෙ ඊට වඩා ලේසියෙන්, ඉක්මනින්ම $10 ක් ගන්න පුළුවන් ඒවගේ සයිට් එකක් ගැන. මේ සයිට් එක තමයි microworkers.com කියන්නෙ. මුළින්ම පහළ තියෙන බැනර් එකෙන් ගිහිල්ල Register වෙලා ඉන්නකො.


12 April 2011

Incrasebux අයිතිකරු නෙල්සන්ගේ අළුත් අවුරුදු තෑග්ග


ආයුබෝවන් යාළුවනේ......


    දැනට ගොඩක් කාලෙක ඉඳන් සල්ලි ගෙවන BUX අඩවියක් විදියට තියෙන Incrasebux ගැන අපි කවුරුත් දන්නවනේ. මේ සයිට් එකේ ලියාපදිංවි වෙලා නැති අය එහෙම ඉන්නවනම් උඩ තියෙන ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන්න. මේ වැල්වටාරං කියනවා කියල එහෙම හිත්න්න එපා. මොකද අද කියන්න ආව දේට එක පාරටම කඩාගෙන පනින්න බෑ... ඉස්සෙල්ලා මේ වගේ වටින් පිටින් බෙල්ල දාන්න ඕන.

   මේ Incrasebux අඩවියේ Admin තමයි නෙල්සන් කියන්නෙ. එයා දැනට මේ වගේ මුදල් ගෙවන සයිට් 3ක් කරගෙන යනවා.මේ සියිට් 3න් අළුත්ම සයිට් එක තමයි www.bigtimebux.com කියන්නෙ. මේ සයිට් එකේ මුලින්ම ලියාපදිංචි වෙන 5000 ට නොමිලේම Pioneer සාමාජිකත්වය හම්බවෙනවා. මේ සයිට් එකේ ඔබ නරඹන එක දැන්වීමකට $0.02 ගෙවනවා. ඒ වගේම හැම referral Click එකකටමත් $0.02 ගෙවනවා. හොඳයි නේද වැඩේ....මුදල් ගන්න අවම වශයෙන් $2  තියෙන්න ඕනි. Alertpay / Paypal වලටත් සහාය දක්වනවා. අනිත් හැම නීති රීතියක්ම Incrasebux  අඩවියෙ නීති රීතිම තමයි. 

   ඔයාලත් අදම මේ ලින්ක් එකෙන් හරි පහත බැනර් එකෙන් හරි ගිහිල්ල ලියාපදිංචි වෙන්න. මොකද මම මේ ලිපිය ලියන වෙලාව වෙනකොටත් 1945 ක් bigtimebux  සයිට් එකේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඔයාලත් දැන්ම ලියාපදිංචි වෙලා නොමිලේම Pioneer සාමාජිකත්වය හිමිකර ගන්න. මේ සයිට් එක ටිකක් විශ්වාසය තියන්න පුළුවන් සයිට් එකක් කියල කියන්න පුලුවන් මොකද  මේ සයිට් එකේ Admin නෙල්සන්නෙ ..... මිනිහගෙ අනෙත් සයිට් දෙකත් තවම හොඳට වැඩ නිසා මේකත් ඉතින් අවුලක් වෙන එකක් නෑ. හැබැයි ඉතින් මේක මගේ අතේ තියෙන දෙයක් නෙමෙයි නිසා 100% ක්ම විශ්වාස කරන්නත් එපා. මම කොච්චර කිව්වත් අද තිබිලා හෙට නැති වෙන්නත් පුළුවන්. 









15 March 2011

ආයුබෝවන් යාළුවනේ............



    මම මීට කලින් ලියපු ලිපිය "ශ්‍රී ලංකාවෙන් තවත් Bux අඩවියක් " ගැන පොඩි අවුලක් තියෙනවා . නෙත්මි අක්ක කියන විදියට මේක හොර වැඩක්ලු ඒත් ඉතින් මම ඒක කොහොමද කියන්න දන්නෙ නෑ. මොනවා උනත් මේ ගැන මට වඩා දැනුමක් නෙත්ම් අක්කට තියෙනවා..මේක එහෙම හොර වැඩක් නම් මම සිද්ද උන වරදට සමාව ගන්නවා.

    මම ඒ ලිපිය ලිව්වෙ SLBux කියන්නෙ ලංකාවෙ දෙයක් නිසා . ඒත් දැනගෙන හිටියෙ නැහැ මේක මෙහෙම දෙයක්ය කියල. මේ ගැන හොයල බලල තව විස්තර ඉස්සරහට කියන්නම්.
 
    මොනවා උනත් මේක හොර ‍වැඩක් නම් මේ ගැන කියපු නෙත්ම් අක්කට මගේ  හෘදයාංගම ස්තුතිය පුදකරන්න ඔන. 

    බැනල හරි කමක් නෑ ඔයාලගෙ අදහසුත් ලියල යන්න.......